ගනේමුල්ල සංජීව ඝාතනය: සැකකාර නීතිඥවරිය ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්න නමැත්තිය අත්අඩංගුවට ගෙන පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන බව සඳහන් කළේය. මෙම සැකකාර නීතිඥවරිය ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කළ වෙඩික්කරුට අවශ්‍ය කරන ටයි පටි දෙකක්, නීතිඥවරුන්ගේ වාහනවල භාවිතා කරන ලාංඡනය සටහන්වූ ස්ටිකරයක්, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යන ග්‍රන්ථ දෙකක්, නීතිඥ හැදුනුම්පතක් සකස් කිරීමට අවශ්‍ය ඡායාරූප ආදිය ලබාදී තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරියා පැවසුවේය.
