අඟුලානේදී අනතුරට පත්වූ යාත්‍රාව කොළඹ නැව් තටාකාංගන පරිශ්‍රයට රැගෙන එයි
අඟුලාන මුහුදේදී අනතුරට පත්ව මුහුදුබත්වූ නාවික හමුදාවේ P 4447 වේග ප්‍රහාරක මුර යාත්‍රාව මේ වනවිට කොළඹ නැව් තටාකාංගන පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.
අඟුලාන මුහුදේදී අනතුරට පත්ව මුහුදුබත්වූ නාවික හමුදාවේ P 4447 වේග ප්‍රහාරක මුර යාත්‍රාව මේ වනවිට කොළඹ නැව් තටාකාංගන පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.
එම යාත්‍රාව මුහුදු පතුලේ අඩි 80ක පමණ ගැඹුරක තිබූ බව නාවික හමුදාව සඳහන් කළේය. මුර සංචාරයක නිරතව සිටියදී, 2026 අගෝස්තු මස 15 වැනි දින මෙම යාත්‍රාව අනපේක්ෂිතව අනතුරකට මුහුණදුන් බව සඳහන්ය. එම සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ එකොලොස් දෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීම සහ යාත්‍රාවේ දෙවන අණභාර නිලධාරීගේ දේහය 2026 සැප්තැම්බර් මස 04 වැනි දින සොයා ගැනීමට නාවික හමුදාව සමත්විය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story