කුළියට මඩ ගහන කුළී ලියන්නෝ ආණ්ඩුවට නෑ.. ඉන්නේ ස්වේච්ඡාවෙන් ආණ්ඩුව රකින පිරිසක්..- වසන්ත
ආණ්ඩුව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සමාජ මාධ්‍යවල පෙනී සිටින කණ්ඩායම් නතර කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. "අපි වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ පෙනී ඉන්නේ ස්වේච්ඡාවෙන් නම් අපට ඒක නවත්තන්න බෑ. ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී ඉන්න පිරිස අතිවිශාලයි. අපි කියලා නෙමෙයි, ස්වේච්ඡාවෙන්. අපි ගරු කරනවා, අගය කරනවා ඔවුන්ගේ මැදිහත්වීම. කුළියට ලියන අය නෙමෙයි, කුළියට මඩ ගහන අය නෙමෙයි, කුළියට
