සීමාවාසික වෛද්‍ය පත්වීම් සහ වෛද්‍ය වර්ජනය: GMOA සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර වන මත ගැටුම
ගිය අඟහරුවාදා (මාර්තු 31) මේ සීමාවාසික පත්වීම් ගන්න වෛද්‍යවරු කණ්ඩායමක් GMOA එක කොළඹට කැඳවලා තර්ජනය කරලා තිබුනා. පත්වීම් අරන් යන එක ගැන ඒගොල්ලෝ බලාගන්නම් කියලා. දිගින් දිගටම මාධ්‍යවල ප්‍රසිද්ධියේ තර්ජනය කළා පත්වීම් ගන්න එපා කියලා. හැබැයි ඒ කණ්ඩායමේ 453ක් හිටියා, එතැනින් 436ක් අප්‍රේල් 04 වැනිදා වෙද්දී ඉල්ලුම් කළා තමන්ට මේ පත්වීම අවශ්‍යයි කියලා.
