Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo shares, 15 minutes delayed
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Gossips

2 sources·Updated Dec 28, 2025

කොළඹ අයවැය ගැන බල්තසාර්ගෙන් විශේෂ සටහනක්

- ලබන 31 වැනිදා සිදු කරනු ලබන කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම සම්බන්ධයෙන් නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් සිය Facebook ගිණුමේ මෙලෙස සටහනක් පළ කර තිබේ.එම සටහන මෙසේය.උපුටා ගැනීම -කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනිවර කියවීම එළඹෙන 31ක් වෙනිදාට සිදුවෙනවා. ඒ නිසා අයවැය පිළිබඳ ඔබ නොදන්න කරුණු ටිකක් සහ එහි විනිවිදභාවය පිළිබඳ දැණුවත් කිරීම මගේ වගකීමක් ලෙස සැලකුවා.සභාවක අයවැයක් කියන්නෙ හුදෙක් ඉලක්කම් හරඹයක් නෙමෙයි. එය අපි ඉදිරිපත් කරන කාර්‍යසාදන ප්‍රගතිය හා ලබන වසරේ සැළසුම් ඉදිරිපත් කරන ලේඛනයක්.ගෙවීගිය 23/24 වර්ශයේ සභාවක් තිබ්බෙ නෑ. කොමසාරිස් පාලනය යටතේ ඉදිරිපත් වන අයවැය හා සභාවකින් ඉදිරිපත් වන අය වැය ක්‍රියාවලියම ගොඩක් සංකීර්ණ වැඩක්.මේ සමස්ථ සංකීර්ණ ක්‍රියාවලිය යටතේ පවා ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කිරීම සභික හැමෝගේම බලාපොරොත්තුවක්. අපේ අයවැය නිර්මාණය කිරීමේදී අනුගමනය කල ක්‍රමවේදය කොළඹ පුරවැසියන් වෙන ඔබ දැනගත යුතුයි කියල මම හිතනවා.අපේ සභාව පත්වෙලා සති කීපයක් යන්නත් කලින් අපි මේ අයවැය ක්‍රියාවලිය ආරම්භ කලා. පුරපතිනිය ලෙස මම ජූලි මාසයේදී නගරසභාවේ ආයතන 16ටම යෝජනා ලබාදෙන ලෙස සැවොම දැණුවත් කලා. මේ යෝජනා අගෝස්තු මාසය වන තෙක්ම ලබාදෙන්න අවස්ථාව විවෘතව තිබුනා. ආයතන වලට අමතරව පක්ෂ විපක්ෂ අපේ ගරු මන්ත්‍රීන් මන්ත්‍රීනියන් සියළුම දෙනාටම තම යෝජනා දෙන්න අවස්ථාවක් දුන්නා. මේ යෝජනා සියල්ල අපි පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පුරවැසියන්ගේ පැත්තෙන් සලකා බැලුවා.අපි තව විශේෂ දෙයක් කලා. මෙවර ආයතනික ප්‍රධානීන්ට හා මන්ත්‍රීන් ට අමතරව අපේ සේවක මහත්ම මහත්මීන්ටත් ලිඛිතව යෝජනා ලබාදෙන්න අවස්ථාව දුන්නා. මම හිතනව මේ පියවර අපේ මේ අලුත් දේශපාලනය සංස්කෘතියේ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් කියල.මේ ක්‍රියාවලියේ අමාරුම අවස්ථාව තමයි මේ යෝජනාවලට අවශ්‍ය මූල්‍යමය තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයන්ට එලඹෙන එක.මේ ක්‍රියාවලිය නොවැම්බර් මාසය තෙක් සිදුවුණා. ඊටපස්සෙ අඩුපාඩු හා නිවැරැදිතාව පිළිබඳ සමාලෝචනය වුණා.මේ සියල්ල අවසානයේ මෙම කෙටුම්පත් අයවැය මුද්‍රණය කරලා, නැවත ස්ථාවර කමිටු 23ක් යටතේ සාකච්ඡා වෙනවා. මේ ක්‍රියාවලියට පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් හැමෝම ප්‍රජාතන්ත්‍රවාදීව සහභාගී වුණා. මේ කෙටුම්පත මහජනතාවට පරිශීලනය කරන්න දින හතක් ලබාදුන්නා.අපි මේ පිළිබඳව නීතියට අනුව භාෂා තුනෙන්ම ප්‍රධාන පුවත්පත් තුනක් හරහා ඔබව දැනුවත් කළා. ව්‍යවස්ථවට අනුව මෙහි පිටපත් මහජන පුස්තකාලයේ හා අපේ නාගරික භාණ්ඩාගාරික තුමිය ලඟ තබා තිබුණා.අවසානයේ පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීන් ඉන්න මුදල් පිළිබඳ කාරක සභාවන් දෙකකට මේ යෝජනාවලිය ඉදිරිපත් කලා. මේ අවස්ථාව තුල යෝජනා අගයන් හා වැරදි නිවැරැදි කිරීම් කරන්න පුලුවන්.

Share this story

Full coverage

  • News First - සිංහල·Dec 28, 2025කොළඹ අයවැය ගැන බල්තසාර්ගෙන් විශේෂ සටහනක්
  • Lanka C News·Dec 28, 2025අයවැය පැරදුනත් පොහොසත් නගරයක් හදනවාමයි..- බල්තසාර්

Summary

පුරපතිනිය ලෙස මම ජූලි මාසයේදී නගරසභාවේ ආයතන 16ටම යෝජනා ලබාදෙන ලෙස සැවොම දැණුවත් කලා. ආයතන වලට අමතරව පක්ෂ විපක්ෂ අපේ ගරු මන්ත්‍රීන් මන්ත්‍රීනියන් සියළුම දෙනාටම තම යෝජනා දෙන්න අවස්ථාවක් දුන්නා. මෙවර ආයතනික ප්‍රධානීන්ට හා මන්ත්‍රීන් ට අමතරව අපේ සේවක මහත්ම මහත්මීන්ටත් ලිඛිතව යෝජනා ලබාදෙන්න අවස්ථාව දුන්නා.

Summarised from News First - සිංහල

What this story is about

People
  • ව්‍රායි කැලී බල්තසාර්·
  • රායි කැලී බල්තසාර්
Organisations
  • මහ නගර සභාවේ
Places
  • Colombo·
  • බල්තසාර්

At a glance

Newsrooms
2
Articles
2
First reported
Dec 28, 10:00 AM
Latest update
Dec 28, 1:32 PM

More in Gossips

Gossips
  • Ugandan cannibal arrested for 38 murders2 sources·Oct 29, 2026
  • Noah Wyle named 'sexiest man alive'2 sources·Oct 28, 2026
  • Mbappé apologizes for Mao reference, loses sponsorships4 sources·Oct 28, 2026
  • Suspect with two knives released on bail3 sources·Oct 23, 2026
  • Suspects arrested over Kavantissa elephant shooting7 sources·Oct 20, 2026

Trending stories

Trending
  1. 1Sri Lanka Considers Cutting Proposed Organised Crime Detention Period to 48 Hours4 sources
  2. 2Terror Attack Outside Sri Lankan Embassy in Jordan Kills Police Officer5 sources
  3. 3No Electricity Tariff Revision for Fourth Quarter21 sources
  4. 4Sri Lanka defers mandatory TIN certificate requirement to April 2027 amid high demand14 sources
  5. 5Cristiano Ronaldo announces retirement from international football5 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health