Skip to content
LakFeed
ENසිංதமி

Display

Text size

Contrast

LakFeed Apps

News
FX Rates
Gold Rates
Card Offers
Tools
StocksSoon
LakFeedBeta
News
Markets

FX Rates

  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home

Gold Rates

  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
Colombo Stock ExchangeSoon
Card OffersTools
ENසිංதமி

Display

Text size

Contrast

LakFeed Apps

News
FX Rates
Gold Rates
Card Offers
Tools
StocksSoon
HomeTrendingLatestLocalPoliticsInternationalBusinessSportsScience & TechGossipsEntertainmentEducation
Sources

News Sources (26 available)

Ada Derana
Ada Derana Biz
Asian Mirror
Ceylon Today
Citizen News
Colombo Gazette
Colombo Telegraph
Daily FT
Daily Mirror
EconomyNext
ESPN Cricinfo
Examiner
Gossip Lanka News English
Groundviews
Hiru News - English
Lanka Business Online
Lanka Truth
News First
News.lk
NewsWire English
Siyatha News
Sri Lanka Cricket
Sri Lanka Mirror
Sunday Observer
The Island
ThePapare English
LakFeed

Sri Lanka, all in one place.

LakFeed reads Sri Lankan news sites in English, Sinhala and Tamil, and keeps bank exchange rates and gold prices in the same place.

Everything on LakFeed

News

  • News
  • Latest
  • Trending
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Gossips
  • Entertainment
  • All topics

Exchange rates

  • FX Rates
  • Best rates
  • All banks
  • Send money
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • All currencies

Gold and stocks

  • Gold Rates
  • 22K gold
  • 24K gold
  • Gold by weight
  • Gold price history
  • Gold pawning
  • StocksSoon

Card offers

  • Card Offers
  • Visa offers
  • Mastercard offers
  • Amex offers
  • Expired offers

Tools

  • Tools
  • Currency converter
  • Gold pawning
  • EPF and ETF
  • Fuel cost

Newsrooms

  • Ada Derana
  • Ada Derana Biz
  • Asian Mirror
  • Ceylon Today
  • Citizen News
  • Colombo Gazette
  • Colombo Telegraph
  • Daily FT
  • All newsrooms

LakFeed

  • Help
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Terms of Service
  • DMCA
  • Sitemap

© 2026 LakFeed. All rights reserved.

Back to stories
2 sourcesMar 4, 2026

2026-03-03 වන දිනට අදාළ කැබිනට් තීරණ දැනුම් දීම

ආනයන භාණ්ඩ මත ක්‍රියාත්මක වන සෙස් බද්ද අදියර වශයෙන් ඉවත් කිරීම - තෝරා ගත් දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම, ආදායම් උත්පාදනය කිරීම ආදී අරමුණු සහිත ව සෙස් බද්ද ඇතුළු රේගු බදු නොවන අනෙකුත් ආනයන බදු අඛණ්ඩව පැනවීම සහ එම බදු වර්ග පුළුල් කිරීම කාලයක් මුළුල්ලේ සිදු වී ති‌‌බේ. එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් අතරමැදි සහ යෙදවුම් භාණ්ඩ සඳහා ඉහළ ආනයන පිරිවැයක් දැරීමට සිදු වීම මත අපනයනාභිමුඛ කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇත. එම තත්ත්වය ජාත්‍යන්තර වෙළෙඳපොළවලදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවල තරගකාරිත්වය අඩු වීමට මෙන් ම අපනයන මූලික කර ගත් ආර්ථික වර්ධනය සීමා වීමට හේතු වී තිබේ. එබැවින්, නිෂ්පාදන පිරිවැය අඩු කිරීම හරහා අපනයන තරගකාරිත්වය වැඩිදියුණු කිරීම, කර්මාන්ත ප්‍රවර්ධනය හා අගය එකතු කිරීම සඳහා සහාය වීම, වෙළෙඳාම පහසු කිරීම හා වෙළෙඳ කටයුතු සඳහා පහසුකම් සැලසීම, සියලු පාර්ශ්වකරුවන් සඳහා සමාන තරගකාරිත්වයක් සහතික කිරීම සහ ජාත්‍යන්තරව පිළිගත් පරිචයන් හා ලෝක වෙළෙඳ සංවිධානයේ ප්‍රතිපත්ති සමඟ අනුකූල වීම අරමුණු කර ගනිමින් එකී සෙස් බද්ද අදියර වශයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 2,634ක් යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ මත පනවනු ලැබ ඇති සෙස් බද්ද 2026 වසරේ සිට 2029 වසර දක්වා වසර 04කදී අදියර වශයෙන් ඉවත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා; සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනය සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමසත්ත්ව ආහාර සහ ත්‍රිපෝෂ නිෂ්පාදනය හා මිනිස් පරිභෝජනය යන කාර්යයන් සඳහා බඩඉරිඟු යොදා ගැනෙන අතර, දේශීයව නිෂ්පාදනය කෙරෙන බඩඉරිඟු ප්‍රමාණය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බැවින් බඩඉරිඟු ආනයනය කිරීමට සිදු වී ‍ති‌බේ. කෙසේ වුව ද, පසුගිය කාලවකවානුවලදී ඒ සම්බන්ධයෙන් විවිධ ගැටලු මතු වීම හේතුවෙන් බඩඉරිඟු ආනයනය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට 2025-12-15 සහ 2025-12-22 යන දිනයන්හි පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, ඉදිරියේදී දේශීය බඩඉරිඟු මිල කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරනු ලබන කමිටුවක් විසින් තීරණය කිරීමටත්, දේශීය බඩඉරිඟු අස්වැන්න වෙළෙඳපොළට නොලැබෙන කාලසීමාවන්වලදී දේශීය බඩඉරිඟු ගොවීන්ට අගතියක් නොවන පරිදි, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සත්ත්ව ආහාර නිෂ්පාදකයින් හා සත්ත්ව ආහාර ආනයනකරුවන් මඟින් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය දේශීය වශයෙන් සපයාගත නොහැකි බඩඉරිඟු ප්‍රමාණය පමණක්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ආනයනය කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් වෙත ආහාර ශ්‍රේණියේ බඩඉරිඟු ආනයනය කිරීම හා සැපයීමේ කාර්යපටිපාටියසීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් වෙත ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු තොග ප්‍රමාණවත් පරිදි දේශීයව සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඒ සඳහා ආනයනික බඩඉරිඟු භාවිත කිරීමට සිදු වී ඇත. එහෙත්, ආනයන පාලන බලපත්‍ර සහ ශාක ආනයන අවසර පත්‍ර ඇතුළු බහුවිධ නියාමන පාලනයන්ට බඩඉරිඟු ආනයනය යටත් වන බැවින්, ත්‍රිපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වන පරිදි ගුණත්වයෙන් ඉහළ බඩඉරිඟු බාධාවකින් හා ප්‍රමාදයකින් තොරව ආනයනය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුව තිබේ. ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විසින් අදාළ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ නියාමන අවශ්‍යතාවලට අනුගත වෙමින් සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් වෙත ත්‍රිපෝෂ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය බඩඉරිඟු අදියරගතව ආනයනය කිරීම සම්බන්ධයෙන් කාර්යපටිපාටියක් සකස් කරනු ලැබ ඇත. එම කාර්යපටිපාටිය අනුගමනය කරමින්, 2026 වර්ෂය සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම පිණිස අදියරගතව උපරිම වශයෙන් බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනය කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමා; සහ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.මිනිස් වාස භූමි සහ වගා භූමි ආශ්‍රිතව සැරිසරන වන සතුන්ගෙන් බෝග වගාවන්ට සහ ජන ජීවිතයට සිදු වන හානි අවම කිරීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමමිනිස් වාසස්ථාන සහ වගා භූමි ආශ්‍රිතව සැරිසරන අලිඇතුන්, වල්ඌරන්, වඳුරන්, රිලවුන්, දඬුලේනුන් හා මොනරුන් වැනි වන සතුන් විසින් සිදු කරනු ලබන භෝග හානි හේතුවෙන් මෙරට ග්‍රාමීය කෘෂිකාර්මික ජීවනෝපායන්ට සහ ආහාර සුරක්ෂිතතාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ. එමෙන්ම, ඒ ආශ්‍රිතව වනජීවී-මිනිස් ගැටුම් හා දේපළ විනාශවීම් බහුලව වාර්තා වන අතර බරපතල අන්දමින් සමාජ හා ආර්ථික ගැටලු උද්ගත වීම ද සිදු ව ඇත. එබැවින්, වන සතුන්ගෙන් සිදු වන වගා හානි සහ ජන ජීවිතයට සිදු වන හානි කළමනාකරණය කිරීම සඳහා මහජනතාව, විශ්වවිද්‍යාල ප්‍රජාව, ගොවි සංවිධාන, පරිසරවේදීන්, පාරිසරික ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අදාළ අනෙකුත් ආයතන ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් මත පදනම් ව පුළුල් වැඩසටහනක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබ තිබේ. ඒ පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන, එම වැඩසටහනෙහි ඇතුළත් යෝජනා සමාලෝචනය කර, තවදුරටත් හඳුනාගනු ලබන නව යෝජනා ඇතුළත් කරමින් එකී වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ අනෙකුත් අමාත්‍යතුමන්ලාගේ සහභාගිත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමශ්‍රී ලංකාව තුළ හදිසි අනතුරු හා කම්පන තත්ත්වයන්, මාර්ග අනතුරු සහ දරුණු හෘදයාබාධ හා ආඝාත තත්ත්වයන් හේතුවෙන් සිදු වන හදිසි රෝහල්ගතවීම් වර්ධනය වෙමින් පවතින බැවින්, එම තත්ත්වයන්ට හදිසි ප්‍රතිචාර දැක්වීම පිණිස පවත්නා සීමිත සෞඛ්‍ය සේවාවන් ඒකාබද්ධ හා ප්‍රමිතිගත ව්‍යූහයක් යටතේ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, එම හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සේවාවන්ගේ සම්බන්ධීකරණය, නියාමනය සහ ප්‍රවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධති අධ්‍යක්ෂ කාර්යාලයක් (Directorate of Accident and Emergency Care System) පිහිටුවීමට යෝජනා වී තිබේ. එම අධ්‍යක්ෂ කාර්යාලය පිහිටුවීම මඟින් හදිසි සෞඛ්‍ය සේවාවන් එක් ව්‍යූහයක් යට‌තේ ඒකාබද්ධ කරමින්, හදිසි වෛද්‍ය ප්‍රතිකාර මාර්ගෝපදේශ, යොමු කිරීමේ මාර්ග සහ ධාරිතා වර්ධන වැඩසටහන් ක්‍රමවත් ලෙස ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, සිය අමාත්‍යාංශය යටතේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධති අධ්‍යක්ෂ කාර්යාලයක් පිහිටුවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.ශ්‍රී ලංකා හෙද සභාව සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් කොටසක් පවරා දීමශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු හෙද නිලධාරින් ලියාපදිංචි කිරීම සහ හෙද අධ්‍යාපනය හා සේවාව නියාමනය පිණිස ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා හෙද සභාව වසර 15ක පමණ කාලයක් පුරා පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ කුඩා ඉඩ ප්‍රමාණයක තාවකාලිකව පවත්වාගෙන යනු ලබයි. මේ වන විට 45,000කට අධික ප්‍රමාණයක් වන රාජ්‍ය අංශයේ හෙද නිලධාරින් සහ පෞද්ගලික අංශයේ හෙද හා හෙද ආශ්‍රිත අනෙකුත් කණ්ඩායම් ලියාපදිංචි කිරීම, ඔවුන්ගේ ලිපිගොනු හා පරිගණක දත්ත පද්ධතිය පවත්වාගෙන යාම සහ වෘත්තීය සංවර්ධනය සඳහා වන පුහුණුවීම් හා දැනුවත් කිරීම් සඳහා සැසි පැවැත්වීම ආදී කාර්යයන් ශ්‍රී ලංකා හෙද සභාව වෙත පැවරී තිබේ. ඒ සඳහා ප්‍රමාණවත් ඉඩකඩ සහ පහසුකම් සහිත පරිශ්‍රයක අවශ්‍යතාව පැන නැගී ඇත. ඒ අනුව, නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිණිස කොළඹ ජාතික රෝහලට අයත් ඉඩමක පිහිටි පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල ආසන්නයෙන් දිගින් අඩි 35ක් හා පළලින් අඩි 30ක් වන ඉඩම් කොටසක් දිගුකාලීන බදු පදනම මත ශ්‍රී ලංකා හෙද සභාව වෙත පවරා දීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.පුත්තලම මූලික රෝහල සංවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම2019 වර්ෂයේදී 'ඒ' වර්ගයේ මූලික රෝහල් කාණ්ඩයට උසස් කර ඇති පුත්තලම මූලික රෝහල මේ වන විට වයඹ පළාත් සභාව මඟින් පාලනය කරනු ලබන අතර, ඒ අවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක වාසය කරන මිලියන 4ක් පමණ වූ ජනතාවට සෞඛ්‍ය සේවා සපයනු ලබයි. අක්කර 13ක භූමි ප්‍රමාණයක පිහිටි ගොඩනැගිලි 52ක් තුළ ස්ථාපිත එම රෝහලේ වත්මන් ඇඳන් සංඛ්‍යාව 746කි. ‌ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සේවාවන් 04ක් ද, බාහිර රෝගී සත්කාර සේවා, රෝග විනිශ්චය සේවා, හදිසි අනතුරු හා හදිසි සත්කාර සේවා පහසුකම්, නේවාසික රෝගීන් සඳහා පහසුකම් සහ අනෙකුත් සහායක සේවා එම රෝහල විසින් සපයනු ලබයි. එහෙත්, එම රෝහල මේ දක්වා 'ඒ' වර්ගයේ මූලික රෝහලක් ලෙස සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවේ. රෝහලේ භූගෝලීය පිහිටීම අනුව අධික වැසි සහිත කාලවලදී රෝහලේ වාට්ටු ගංවතුර අවදානමට ලක් වන අතර, බාහිර රෝගී අංශය, හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ අනෙකුත් ඒකක සඳහා රෝහලේ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව ද නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, 'ඒ' වර්ගයේ මූලික රෝහලක් ලෙස ක්‍රියාත්මක වීම සඳහා වන අවශ්‍යතා මත පදනම්ව 2025 වසරේදී සකස් කර ඇති ප්‍රධාන රෝහල් සංවර්ධන සැලැස්මට අනුකූලව පුත්තලම මූලික රෝහල තෘතීයික සත්කාර මට්ටම දක්වා සංවර්ධනය කිරීම පිණිස වයඹ පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ එකඟතාව මත එම රෝහල ‌සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ මොරොක්කෝ රාජධානිය අතර ගිවිසුමකට එළඹීමදෙරටෙහි පුරවැසියන්හට අදාළ රට වෙත අන්‍යෝන්‍ය පදනමින් ගමනාගමනයට පහසුකම් සැලසීමත්, අදාළ ක්‍රියාමාර්ග සරල කිරීම පිණිස දෙරට අතර මිත්‍රශීලී සබඳතා වැඩිදියුණු කිරීමත් අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව සහ මොරොක්කෝ රාජධානිය අතර ගිවිසුමකට එළඹීම පිණිස 2018-08-07 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති නමුත්, මේ වන තෙක් අදාළ ගිවිසුමට අත්සන් තැබීමට හැකි වී නොමැත. එබැවින්, දෙරටෙහිම රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්හට දින 30ක් නොඉක්මවන කාලසීමාවක් සඳහා තමන්ට අදාළ ජාත්‍යන්තර ඇතුළුවීමේ/පිටවීමේ ස්ථාන හරහ‍ා වීසා නොමැතිව අනෙක් පාර්ශ්වයේ භූමි ප්‍රදේශය තුළට ඇතුළුවීමට, ඉන් පිටවීමට සහ ඒ හරහා වෙනත් රටකට ගමන් කිරීමට හැකියාව ලැබෙන පරිදි ශ්‍රී ලංකාව සහ මොරොක්කෝ රාජධානිය අතර ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.බස්නාහිර පළාත් නගර සඳහා ආරක්ෂිත හා දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ජල සැපයුම සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමදේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ආරක්ෂිත පානීය ජල සැපයුමට දැඩි ලෙස බලපෑම් ඇති වෙමින් පවතී. ජල සැපයුම් කළමනාකරණයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස දේශගුණික ඔරොත්තු දීමේ ජල ආරක්ෂණ සැලසුම් හරහා ගංවතුර සහ නියං වැනි කාලගුණික තත්ත්වයන්ට එරෙහිව ප්‍රතිරෝධශීලිත්වය ගොඩනැගීම සඳහා දැඩි අවශ්‍යතාවක් උද්ගතව ඇත. පාරිසරික තිරසරභාවය සහතික කිරීම හා සාමාජීය වගකීම ඇතුළත් ස්ත්‍රී‐පුරුෂ සමානාත්මතාවට ප්‍රතිචාර දක්වන සහ දේශගුණික හා ආපදා අවදානම්වලට ප්‍රතිරෝධශීලීබව තහවුරු කර ශක්තිමත් කිරීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ස්ථාපිත කරනු ලැබූ පාරිසරික හා සාමාජීය අංශය විසින් 'ආපදාවලට ඔරොත්තු දීමේ යටිතල පහසුකම් සඳහා වූ සන්ධානය' මඟින් සිදු කරන ලද යෝජනා කැඳවීමකට ප්‍රතිචාර වශයෙන් UN Habitat ආයතනයේ උපදේශනය මත පදනම්ව, 'බස්නාහිර පළාත් නගර සඳහා ආරක්ෂිත හා දේශගුණික ප්‍රතිරෝධශීලී ජල සැපයුම: අඹතලේ ජල සැපයුම් යෝජනා ක්‍රමයේ ජල ආරක්ෂණ සැලැස්ම සඳහා දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ සංකල්ප ඒකාබද්ධ කිරීම' යන ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, මාස 24ක කාලයක් තුළ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 469,232ක මූල්‍ය ප්‍රදානයක් ලැබී ඇත. එම ව්‍යාපෘතිය සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ඇමෙරිකානු ඩොලර් 10,000ක සම මූල්‍යකරණයක් මඟින් මූල්‍ය සහාය සලසනු ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් ආයතන යථාවත් කිරීමපසුගිය වසරේ දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් ආයතන කඩිනමින් යථා තත්ත්වයට පත් කළ යුතුව ඇත. ඒ යටතේ දිවයිනේ පළාත් 09හි ජාතික පාසල් 150ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 1,988.83ක් ද ජාතික විද්‍යාපීඨ 07ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 285.40ක් ද වශයෙන් රුපියල් මිලියන 2,274.23ක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත. ඊට අමතරව, අධික බෑවුම් සහිත ප්‍රදේශවල පිහිටි අධ්‍යාපන ආයතනවල නායයෑම් අවදානම ඉවත් කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබා දෙන වාර්තා හා සැලසුම් මත පදනම්ව අවශ්‍ය වන ව්‍යූහයන් (Structures) ඉදිකිරීමට සිදුව තිබේ. ඒ අනුව, අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, 2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද පරිපූරක ඇස්තමේන්තුවේ ප්‍රතිපාදන උපයෝගි කර ගනිමින් එකී ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.2026 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන්ට පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීම2025/26 මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන්ට පොහොර සඳහා මුල්‍ය සහනාධාරය ලබා දීම පිණිස 2025-08-18 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, එකී වැඩසටහන 2026 යල කන්නයේදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/- බැගින් වන පරිදි එක් ගොවියෙක් වෙත උපරිම වශයෙන් හෙක්ටයාර් 02ක් සඳහා මූල්‍ය සහනාධාර ගෙවීමටත්, වී වගාව සිදු නොකරන කුඹුරු ඉඩම්වල කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසින් නිර්දේශ කරනු ලබන හා කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන අයුරින් වගා කරනු ලබන වෙනත් ක්ෂේත්‍ර භෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000/-ක් බැගින් වන සේ එක් ගොවියෙක් වෙත උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා මූල්‍ය සහනාධාරයක් ගෙවීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.ජපාන රජය විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙනු ලබන භාවිත කළ, පත්ල පහත් බස් රථ ලබා ගැනීමශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ මෙරටට පැමිණි ජපාන විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍යවරයා අතර 2025 පෙබරවාරි මාසයේදී පැවති හමුවේදී ශ්‍රී ලංකාවේ පොදු බස් ප්‍රවාහන අංශය සඳහා ජපානයට සහාය විය හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු වී ඇත. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සමඟ පවත්වන ලද සාකච්ඡාවලදී භාවිත කළ පත්ල පහත් බස් රථ 08ක් ප්‍රදානයක් ලෙස මෙරටට ලබා දීමට ජපාන රජය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. එකී ප්‍රදානය මෙරටට ලබා ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV මාර්ග කොටස ඉදිකිරීමසමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ අපේක්ෂිත ප්‍රතිලාභ සාක්ෂාත් කර ගැනීම පිණිස මුළු දිග කිලෝමීටර 58.6ක් වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එම අදියරේ ඉදිකිරීම් සඳහා හඳුනා ගත් ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සිදු කිරීම පිණිස 2025-06-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ භෞතික ප්‍රගතිය 73.3%ක් වන අතර, ඉඩම් අත්පත් කර ගැනීම් සඳහා තවදුරටත් වන්දි ගෙවීම් සිදුකළ යුතුව තිබේ. ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV මාර්ග කොටස ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් එම අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස වන යෝග්‍ය මුදල් ප්‍රභවය හඳුනාගෙන, ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීම.එම අදියර භූ තාක්ෂණිකව සංවේදී ප්‍රදේශ හරහා දිවෙන බැවින්, ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර මූලික භූ තාක්ෂණික පරීක්ෂණ, බෑවුම් ස්ථායිතාව සහ නායයෑම් අවදානම තක්සේරු කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් ඉටු කරවා ගැනීම.එම අදියර ප්‍රධාන හා සුළු ජලමාර්ග කිහිපයක් හරහා ගමන් කරන බැවින්, ජලවිද්‍යාත්මක නිර්මාණ, ගංවතුර අවදානම් තක්සේරුව සහ කුණාටු ජල කළමනාකරණ සැලසුම් සකස් කිරීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ඉටු කරවා ගැනීම. කිරි නොකපා අත්හැර දමා ඇති පරිණත රබර් වගාවන් පුනරුත්ථාපනය හරහා රබර් වගා ඵලදායීතාව ඉහළ නංවාලීමශ්‍රී ලංකාවේ සමස්ත රබර් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 84,002ක් පමණ වේ. එහෙත්, දක්ෂ හා පුහුණු කිරි කැපුම්කරුවන් හිඟය, කිරිකැපුම් ශිල්පීය ක්‍රම තාක්ෂණික ක්‍රම පිළිබද දැනුම සහ අවශ්‍ය මෙවලම් නොමැති වීම, අධික වගා නඩත්තු පිරිවැය, අහිතකර කාලගුණික තත්ත්ව මත කිරිකැපිය හැකි දින ගණන අඩුවීමෙන් දෛනිකව කිරි නොකැපීම මත ස්ථාවර ආදායමත් නොලැබීම හේතුවෙන් වර්තමානය වන විට රබර් ඉඩම් හිමියන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තම වගාවන් කිරි නොකපා අත්හැර දැමීමට පෙළඹී ඇත. එවැනි ඉඩම් කාර්යක්ෂම ලෙස පුනරුත්ථාපනය කිරීම මඟින් ඉහළ අපනයන වටිනාකමක් ඇති රබර් නිෂ්පාදන කර්මාන්තයෙහි වර්ධනයට මෙන්ම දළ දේශීය නිෂ්පාදනයට ද දායකත්වයක් ලබා ගැනීමට හැකියාව පවතී. ඒ අනුව, දැනට දිවයින පුරා අතහැර දමා ඇති රබර් ඉඩම් හෙක්ටයාර 3,300ක් පුනරුත්ථාපනය කිරීමට හැකි වන පරිදි 'කිරි නොකපා අත්හැර දමා ඇති පරිණත රබර් වගාවන් පුනරුත්ථාපනය කොට රබර් නිෂ්පාදනයට දායක කර ගනිමින් රබර් වගා ඵලදායීතාව ඉහළ නංවාලීම' යන මැයෙන් ව්‍යාපෘතියක් 2026 සිට 2028 දක්වා කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 1,212.38ක ප්‍රතිපාදන සලසා ගැනීමටත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2025-02-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් භාෂාත්‍රයෙන් සකස් කරනු ලැබ ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.2025 අංක 11 දරන තහනම් උත්තේජක (තහනම් කරන ලද ලැයිස්තුව) නියෝග පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් ක්‍රීඩකයන් සඳහා තහනම් කර ඇති ද්‍රව්‍ය ලැයිස්තුව වාර්ෂිකව යාවත්කාලීන කරනු ලබන අතර, ඊට සමගාමීව සම්මුතිගත රටවල් ද එම ලැයිස්තුව තම රට තුළ බලාත්මක කරනු ලැබේ. ඒ අනුව, 2026 වර්ෂයට අදාළ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව මෙරට තුළ බලාත්මක කිරීම සඳහා 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ විධිවිධාන යටතේ, අංක 2471/51 දරන 2026-01-16 දිනැති අතිවිශෙෂ ගැසට් නිවේදනය මඟින් 2025 අංක 11 දරන තහනම් උත්තේජක (තහනම් කරන ලද ලැයිස්තුව) නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එම නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමරාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස 2024-12-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා එකී කමිටුව වෙත යොමු කර ඇති ඉල්ලීම් පිළිබඳව 2026-02-12 දින පැවති එම කමිටු රැස්වීමේදී සලකා බලා, ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, පහත සඳහන් බඳවාගැනීම් සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.විස්තීරණ ආපදා අවස්ථාවන්හිදී රාජකාරි කටයුතු සිදු කරනු ලබන රජයේ නිලධාරින් සඳහා දීමනා ගෙවීමවිස්තීරණ ආපදා අවස්ථාවන්හිදී සහ පශ්චාත් ආපදා කාලසීමාවන් තුළ රාජකාරි කටයුතු සිදු කරනු ලබන රජයේ නිලධාරින් සඳහා දීමනා ගෙවීම පිණිස එවකට රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විසින් 2019-09-01 දිනැති චක්‍රලේඛය මඟින් අදාළ උපදෙස් නිකුත් කරනු ලැබ ඇත. වර්තමානයේ පවත්නා ආර්ථික තත්ත්වයන්ට ගැළපෙන ලෙස එකී දීමනාවන් කාලානුරූපීව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිරීක්ෂණ සහ යෝජනා මත පදනම්ව, දැනට බලපවත්නා අදාළ දීමනා 100%කින් ඉහළ නැංවීමටත්, 2025-11-21 දින සිට 2025-12-15 දක්වා වූ විස්තීරණ ආපදා අවස්ථාවේදී රාජකාරි කටයුතු සිදු කළ හා මින් ඉදිරියට සිදු වන විස්තීරණ ආපදා අවස්ථාවන්හිදී රාජකාරි කටයුතු සිදු කරනු ලබන රාජ්‍ය නිලධාරින්ට එකී දීමනා ගෙවීමටත් හැකිවන පරිදි චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

News First - සිංහල•Mar 4, 2026
By News 1st
Read full article

Summary

සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනය සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමසත්ත්ව ආහාර සහ ත්‍රිපෝෂ නිෂ්පාදනය හා මිනිස් පරිභෝජනය යන කාර්යයන් සඳහා බඩඉරිඟු යොදා ගැනෙන අතර, දේශීයව නිෂ්පාදනය කෙරෙන බඩඉරිඟු ප්‍රමාණය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බැවින් බඩඉරිඟු ආනයනය කිරීමට සිදු වී ‍ති‌බේ.

Summarised from News First - සිංහල

What this story is about

People
  • ආණ්ඩුකාරතුමාගේ එකඟතාව මත
  • ජනාධිපතිතුමා ඉදිරිපත්
  • නලින්ද ජයතිස්ස
  • ජනාධිපතිතුමා
  • අග්
Organisations
  • ආණ්ඩුක්
  • ජාතික
Places
  • North Western Province
  • Central Province
  • Western Province
  • Kurunegala
  • Sri Lanka
  • Puttalam
  • Colombo
  • Jaffna
Keywords
  • අපනයනාභිමුඛ
  • අමාත්‍යතුමා
  • අනුමැතිය
  • ත්‍රිපෝෂ
  • කැබිනට්
  • බඩඉරිඟු
  • යෝජනාව
  • වශයෙන්
  • අදියර
  • පිණිස

Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.

Share this story

Send the whole picture, not one version of it.

Also reported by

2 newsrooms have reported this story

  • සෙස් බද්ද අදියර වශයෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතියDasatha Lanka News·Mar 4, 2026
Full coverage