අශෝක් අබේසිංහ සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ තමන් දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ තමන් දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.

ඒ බව සඳහන් කරමින් ඔහු පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ අනුව සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයට අමතරව, පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, සමගි සේවක සංගමයේ සභාපති, විපක්ෂ නායක වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික යන සියලු තනතුරුවලින් මෙලෙස ඉල්ලා අස්වන බව ඔහු සිය ලිපිය මඟින් දන්වා තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story