අවුරුදු 3 සිට 5 දක්වා දරුවන්ට Online ඉගැන්වීම් සුදුසු නැහැ - අමාත්‍යාංශ නිවේදනයක්
වයස අවුරුදු 3 සිට 5 දක්වා දරුවන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීම සුදුසු නොමැති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසා සිටින්නේ, මෙලෙස වයස අවුරුදු 3 සිට 5 දක්වා දරුවන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීම, අධ්‍යාපන මනෝවිද්‍යාවට සහ ළමා සංවර්ධන මූලධර්මවලට පටහැනි බවයි. [...]
