2 sources
කෘෂිකාර්මික අතින් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළට පක්ෂ භේදයෙන් තොරව එක්වන්න - අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න
ඉදිරි වසර දෙක තුළ මෙරට කුඩා වැව් ඇතුළු සමස්ත ග්‍රාමීය වාරි පද්ධතියම නවීකරණය කර රට කෘෂිකාර්මික අතින් ස්වයංපෝෂිත කිරීමේ දැවැන්ත ජාතික වැඩපිළිවෙළට පක්ෂ භේදයෙන් තොරව එක්වන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
