ඇප ලැබුණු චරිත රත්වත්තට විදෙස් ගමන් තහනමක්
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයක් වශයෙන් සිටියදී නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව තාවකාලික වී ගබඩා 50 ක් ආනයනය කර රජයට කෝටි 9 ක පාඩුවක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජයම්පති චරිත රත්වත්ත ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම [...]
