'කාවන්තිස්ස' හස්තියාගේ මරණය ඝාතනයක්ද?
ශ්රී ලංකාවේ ජාතික සම්පතක් බඳු වූ 'කාවන්තිස්ස' හස්තියාගේ මරණය හුදෙක් ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවත්, ඊට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් විරහිතභාව බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා චෝදනා කරයි.
ශ්රී ලංකාවේ ජාතික සම්පතක් බඳු වූ 'කාවන්තිස්ස' හස්තියාගේ මරණය හුදෙක් ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවත්, ඊට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් විරහිතභාව බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා චෝදනා කරයි.
ඒ අනුව, කාවන්තිස්සගේ මරණයට නිශ්චිත හේතුව සොයා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට වනජීවී බලධාරීන් සූදානම් වන අතර, ඔහුට වෙඩි තැබූ පුද්ගලයා හඳුනාගැනීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙසද ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ වෙතත්, සැප්තැම්බර් 25 වැනිදා පළවූ ලංකාදීප පුවත්පත් වාර්තාවක ගල්ගමුව වනජීවී කාර්යාලය උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ, අලියාගේ සිරුරේ වෙඩි උණ්ඩ කොටස් ඇති බවට පශු වෛද්යවරුන් නිරීක්ෂණය කර නොතිබූ බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story