අලුතෙන් ආ නැවකත් බාල ගල් අගුරු..
හදිසි මිලදී ගැනීම් යටතේ මෙරටට ගෙන්වන ලද ගල්අඟුරු තොගයේ අවසන් නැව්ගත කිරීම දින 8ක් ප්‍රමාද වීම සහ එක් නැවක බාල ගල්අඟුරු අඩංගු වීම හේතුවෙන්, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අවම පිරිවැයකින් නිපදවිය හැකිව තිබූ මෙගාවොට් පැය 32,350 ක පමණ විදුලි ධාරිතාවක් අහිමි වී ගොස් ඇති බව වාර්තා වේ. ලක්විජය බලාගාරයේ නිලධාරීන් උපුටා දක්වමින් 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරන්නේ, අවසන් ගල්අඟුරු තොගය මෙරටට ළඟා වන තෙක් දහන