බලශක්ති අමාත්‍යාංශයේ 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තු අනුමැතිය
බලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුවට අද (23) විවාදයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා. විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබුණා. 2026වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය [...]
