හැටන්, දික්ඔය දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 20කට තුවාල
හැටන් - දික්ඔය ප්‍රධාන මාර්ගයේ වටරගල වත්ත ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (29) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.

හැටන් - දික්ඔය ප්‍රධාන මාර්ගයේ වටරගල වත්ත ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (29) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුළු 20 දෙනෙක් දික්ඔය මුලික රෝහල වෙත (29) දින ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා. ධාවනය වෙමින් තිබූ බස් රථය තවත් බස් රථයකට ඉඩ දීමට යැමෙදි එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙම අනතුර සිදුව තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story