ලුල්නෑව වැවේ මාළු අල්ලමින් සිටි තිදෙනෙකුට අකුණු සැර වැදිලා - අයෙක් මරුට, දෙදෙනෙකුට තුවාල
කහටගස්දිගිලිය - ලුල්නෑව වැවෙහි මාළු අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට ඊයේ (13) පස්වරුවේ අකුණු සැර වැදීමකින් එක්පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අකුණු සැර වැදුණු අනෙක් පුද්ගලන් දෙදෙනා රෝහල් ගතකර ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය, බේත්කෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්. අකුණු සැර වැදුණු [...]
