මුලතිව් හා කයිතඩි නව තැපැල් කාර්යාල ද්විත්වය ලබන 18 සහ 19 ජනතා අයිතියට
"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන්න තේමා කරගත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසර 200 කට අධික ඉතිහාසයක් සහිත මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාව නව්‍යකරණයට ලක් කරමින් එම සේවාවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට වත්මන් විෂය භාර අමාත්‍ය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ සැලසුම් සහගත කඩිනම් වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත.
