ඉන්දියානු රජයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග17ක පරිත්‍යාගයක්
ඉන්දියානු රජයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 17ක තොගයක් සහ කිලෝ 14,200 කට අධික වියලි ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් පරිත්‍යාග කෙරුණු අතර, ඊයේ(14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් Dr. Satyanjal Pandey මහතා විසින් එම ඖෂධ තොගය නිල වශයෙන් භාරදෙනු ලැබීය.
