ඊයේ දිස් වූ සඳ "මල් සඳ" ලූ - මැයි 30 වෙනිදා දිස්වෙන සඳ "නිල් සඳ" ලූ
අධි වෙසක් පොහොයදා යෙදුණු, ඊයේ රාත්‍රියේ දිස්වූ පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන්, "මල් සඳ" ලෙස නම්කර තිබෙනවා. වසන්ත කාලයේ සිදුවන මල් පිපීම සංකේතවත් කරමින් මෙම නම් කිරීම සිදුකර ඇති බව සඳහන්. මේ අතර මෙම මාසයේ 30 වනදා දුර්ලභ "නිල් සඳක්" දැකගැනීමට හැකිවනු ඇති බවයි නසා ආයතන පවසන්නේ. මෙම සඳ "නිල් සඳක්" පමණක් නොව "මයික්‍රෝ මූන්" සඳක් [...]
