නස්මුල් ඉස්ලාම් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතුයි!
නස්මුල් ඉස්ලාම්, ක්‍රීඩකයින් සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් නිසා බංග්ලාදේශ ක්‍රීඩකයින් ඊයේ(15) දිනයේදී තරග වර්ජනය කිරීමට පියවර ගෙන තිබු අතරබංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ දිනයට නියමිත තරග දෙකම කල් දැමීමට සිදු වූයේද ක්‍රීඩකයින්ගේ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් ය.නස්මුල් ඉස්ලාම්, ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයට අමතරව, ක්‍රිකට් මූල්‍ය කමිටුවේ සභාපති ධුරයද හොබවයි.බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ(15) සවස නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, එම මූල්‍ය කමිටු සභාපති තනතුරෙන් ඉස්ලාම් ඉවත් කළ බවයි.
-608673.jpg)