හම්බන්තොටින් අරන් නොගිය වාහන වෙන්දේසි කරයි..
හම්බන්තොට වරායට ආනයනය කර මාස තුනකට අධික කාලයක් මුදා නොගෙන පවතින වාහන දහසකට අධික ප්‍රමාණයක් වෙන්දේසි කිරීමට හෝ ටෙන්ඩර් මගින් විකිණීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබේ.රේගු බදු සහ ගුදම් ගාස්තු අයකර ගැනීම මෙහි මූලික අරමුණ බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.පසුගිය 26 වනදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, රේගු ආඥා පනතේ 109 වගන්තිය යටතේ මෙම පියවර ගන්නා බව
