3 sources
ඉරානයෙන් ඇමරිකා යුද නැවුවලට මිසයිල ප‍්‍රහාර..
ගෝලීය තෙල් ප්‍රවාහනයේ මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ ඇමෙරිකානු ප්‍රහාරක නෞකාවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බව ඉරාන ආරක්ෂක අංශ පවසන අතර, ඇමෙරිකානු මධ්‍යම විධානය එම පුවත සාවද්‍ය බව පවසමින් ප්‍රතික්ෂේප කර ඇත.ඉරාන රජයේ නිල පුවත් සේවය වාර්තා කරන පරිදි, සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ සතුරු යුද නැව්වලට "ක්ෂණික සහ තීරණාත්මක අනතුරු ඇඟවීම්" නිකුත් කර ඔවුන් ආපසු හරවා යැවී
