විදුලිබල මණ්ඩලයේ සේවකයකු ජීවිතක්ෂයට
- පඬුවස්නුවර හෙට්ටිපොල ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයකු ඊයේ (03) සවස බිංගිරිය වීරපොකුණ කෝසගම ප්‍රදේශයේ විදුලි නඩත්තු කටයුතුවල යෙදී සිටියදී විදුලි රැහැහැන්වල පැවති විදුලි සැර වැදී මිය ගොස් තිබේ.මොහු දෙදරු පියෙක් වන මෙම පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.කණුවේ දෙදෙනකු නැග එහි නඩත්තු කටයුතු සිදු කර ඇති අතර මිය ගිය පුද්ගලයා හට විදුලිය වැදීමෙන් අනතුරුව වීරපොකුණ රෝහලට රැගෙන ගොස් ඇත.පසුව කුලියාපිටිය ශික්ෂණ රෝහලවෙත රැගෙන යන අවස්තාවේදී ඔහු මිය ගොස් තිබේ. ඔහුගේ මෘත දේහය මේ වන විට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තැම්පත් කර තිබේ.
