2 sources
මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීම ගැන නිවේදනයක්
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවා සම්මත කර ගැනීම ලබන 17 වැනිදා සිදු කිරිමට බලාපොරොත්තු වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට වූ ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය ඊයේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ය.එහි දැක්වුණේ අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරළ බහුතරයකින් සම්මත කළ හැකි බවයි.
