පාතාලේ ගේම්වලට යතුරුපැදී සැපයූ "බෝම්බුවල සුද්දා" අත්අඩංගුවට
පාතාල ක්‍රියාකාරකම් සඳහා යතුරුපැදි සැපයූ බවට සැකපිට පුද්ගලයෙක් කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ "බෝම්බුවල සුද්දා" නමින් හැඳින්වෙන 30 හැවිරිදි අයෙක්. කළුතර දකුණ පොලිස් වසමේ, නාගොඩ මංසන්ධිය ප්‍රදේශයේ වෙළඳසැලක නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත කළුතර අපරාධ කොට්ඨාසය විසින් පසුගිය දා විමර්ශනයක් ආරම්භ කර ඇති අතර [...]
