මාලිමා මන්ත‍්‍රීවරුන් තිදෙනෙක් තමන්ගේ නමටම රජයේ කොන්ත‍්‍රාත් ගනී...
ගම්පහ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු රජයේ කොන්ත්‍රාත් ව්‍යාපෘති තම පෞද්ගලික නාමයන්ගෙන් ක්‍රියාත්මක කරමින් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බවට විපක්ෂය චෝදනා කරයි. මාධ්‍ය හමුවකදී විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ මෙම ක්‍රියාවන් පළාත් පාලන ආඥා පනත සෘජුවම උල්ලංඝනය කිරීමක් බවයි.මන්ත්‍රීවරයෙකු සභාවේ කොන්ත්‍රාත් ලබා ගැනීම නීතියෙන් තහනම් වන අතර, එවැනි වරදක් ඔප්පු ව
