"ග්‍රාම නිලධාරි සහතිකය මදි, පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානීගේ අනුමැතියත් ඕනෑ" යන සිරස්තලය යටතේ අරුණ පුවත්පතේ පළ කර තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා අද (නොවැම්බර් 24 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි. කෙසේවෙතත්, එම කැඳවීම අනුව තමන් අද දිනයේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොගිය බව අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.
මෙහෙම උපදෙසක්වත්, චක්‍රලේඛයක්වත්, පොලිසියවත්, මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන්වත් නිකුත් කරලා නෑ. ඉන්පසුව මහජන ආරක්ෂක ඇමතිවරයා "මේ වන විට මහජන ආරක්ෂක කමිටු පිහිටුවලා තියෙන්නේ. මොක ද අපි මහජන ආරක්ෂක අමාත්‍යංශය හැටියටත්, පොලිස් දෙපාර්තමේන්තුව හැටියටත් කිසිම ආකාරයකින් චක්‍රලේඛයක් නිකුත් කරලා නෑ මහජන ආරක්ෂක කමිටුවලින් පොලිස් චරිත සහතික ගන්නකොට චරිත සහතික ගන්න කියලා," යැයි පැවසුවේ ය.
Summarised from BBC News සිංහල
Organisations- Criminal Investigation Department2
- අරුණ" පුවත්පත2
- අරුණ පත්තරේට2
- මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන්වත්
- Parliament of Sri Lanka
- සිවිල් ආරක්ෂක කමිටු
- දෙරණ ටීවී නාලිකාවේ
- Sri Lanka Police
Keywords- පුවත්පතේ2
- cid2
- ප්‍රධානීන්ගේ
- මාධ්‍යවේදීන්
- අනුමැතියත්
- කර්තෘවරයා
- ගැන්වීමක්
- පත්තරේට
- ප‍්‍රධාන
- කතෘවරයා
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage