ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 2 වැනි තරගයත් පරාජය වෙයි
එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තමන් සහභාගී වූ 2 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් ද කඩුලු 6ක පරාජයකට මුහුණ දීමට සිදු වූවා. එංගලන්ත ක්‍රීඩකයෝ ලබා ගත් මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙසින් තවත් තරගයක් තිබිය දී ම ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.
