අනාගත ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීමේදී විභාග දෙපාර්තමේන්තුව සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරනවා - අග්‍රාමාත්‍යවරිය
සමාජ සාධාරණත්වය පදනම් කරගත්, අනාගත ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීම සඳහා වූ රජයේ අභිප්‍රාය තුළ විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2026.10.01 දින විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැති "වජ්‍ර ප්‍රභා" මහෝත්සවයට [...]
