2 sources
මන්නාරම වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට
- මන්නාරම අධිකරණය ඉදිරිපිටදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක ඝාතනය කළ ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු ජීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය පැවසුවේ ලද තොරතුරක් මත, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක්, තලෛයිමන්නාරම මාර්ගයේ ලැඟුම්හලක් තුල සැඟව සිටි ප්‍රධාන සැකකරු ඇතුලු දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවයි.එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 22 හා 38 යන වයස්වල පසුවන උයිලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.පසුගිය ජනවාරි 16 වැනිදා එම වෙඩි තැබීම සිදුව තිබුණි.
