3 sources
මිහින්තලේට හොර ඔප්පු චෝදනා.. පොලිසියට කැදවයි.. අත්අඩංගුවට ගන්නැයි මිහින්තලේ හිමි කෑගසති..
මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් අද දින අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණියහ. ඒ, උන්වහන්සේගේ රියදුරු වන අසංඛ නමැත්තා වෙත එම අංශය මගින් කරන ලද කැඳවීමකට අනුවය.මෙම කැඳවීමට හේතුව මිහින්තලේ රජමහා විහාර භූමියේ පිහිටි රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ල සම්බන්ධ ගැටලුවක් බව අනාවරණය විය. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම ගොඩනැගිල්ල එදා සිටම විහාරස්ථානය සතු වූවක් බවයි. මහින්ද රාජ
