2 sources
තරුණ සංවර්ධනය වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තිය 2027 මුල් කාර්තුවේදී ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා - අගමැතිනිය
ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මුහුණ දෙන වර්තමාන අභියෝග ජයගැනීමට සහ ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් සපිරීම උදෙසා සකස් කෙරෙන නව 'ජාතික තරුණ ප්‍රතිපත්තිය' (National Youth Policy) 2027 වසරේ මුල් කාර්තුව වන විට අවසන් කර ක්‍රියාත්මක කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
