පස් කණ්ඩියට යටවූ ජීවිත (VIDEO)
අහංගම පෑලැස්ස ප්‍රදේශයේ ඉදිකිරීම් භූමියක පස්කන්දක් කඩා වැටී ඊයේ අනතුරක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
අහංගම පෑලැස්ස ප්‍රදේශයේ ඉදිකිරීම් භූමියක පස්කන්දක් කඩා වැටී ඊයේ අනතුරක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
ගාල්ල අහංගම පොලිස් වසමට අයත් පෑලැස්ස ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින කබානා ව්‍යාපෘතියක සේවය කළ පුද්ගලයින් තිදෙනෙකු පස් කණ්ඩියක් කඩා වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. පුද්ගලික ඉඩමක සිදුකෙරෙන මෙම ඉදිකිරීම සඳහා බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් පස් කපා ඉවත් කර තිබූ අතර, එම පස් කණ්ඩිය අයිනෙන් කාණුවක් කපමින් සිටියදී එක්වරම පස් කණ්ඩිය කඩා වැටී සේවකයින් ඊට යටවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story