5 sourcesUpdated
දිට්වා නිසා විනාශවූ පාලම් හදන්න චීනය සමග ගිවිසුමක්
ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang සහ අමාත්‍යාංශ ලේකම් ආසිරි කරුණාවර්ධන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ගිවිසුමට ඊයේ (28) අත්සන් තැබුණේ කොළඹ පිහිටි ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශයේදීය. මෙහිදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව, යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා සහාය වීමට චීන විශේෂඥ කණ්ඩායමක් ද ගෙන්වා ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියේ අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කළ බවයි. ශ්‍රී ලංකාවේ ජනතාවට ස්ථිර සහ සැබෑ ප්රතිලාභ ලබා දීම සඳහා මෙම ව්‍යාපෘතියේ සංවර්ධන හා කළමනාකරණ කටයුතු ශ්‍රී ලංකාව සමඟ එක්ව ඉතා සැලකිල්ලෙන් යුතුව සිදු කරන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය. චීන රජයේ මෙම සහයෝගය අගයමින් අමාත්‍යාංශ ලේකම් ආසිරි කරුණාවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය හරහා පශ්චාත් ආපදා ප්‍රවාහන දුෂ්කරතා මඟහරවා ගැනීමට පමණක් නොව, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් ද ඉහළ නැංවෙනු ඇති බවයි. පසුගිය 2025 වසරේ නොවැම්බර් අග භාගයේ සිට දෙසැම්බර් මුල දක්වා කාලය තුළ, ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් රට පුරා මහත් ව්‍යසනයක් සිදු වූ අතර ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 600කට අධික විය. එමෙන්ම සිදුව ඇති ආර්ථික සහ යටිතල පහසුකම් හානිය ද ඇ.ඩො. බිලියන 4.1ක් පමණ වන බවට ඇස්තමේන්තුගත කර තිබේ.
Full coverage
News First - සිංහලදිට්වා නිසා විනාශවූ පාලම් හදන්න චීනය සමග ගිවිසුමක්
-624789.jpg&w=640&q=75)
දිනමිණ‘දිට්වා’නිසා විනාශයට පත් පාලම් හදන්න චීන සහාය
සියත නිව්ස්'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශයට පත් ශ්‍රී ලංකාවේ පාලම් ප්‍රතිසංස්කරණයට චීනය සමග ගිවිසුමක්

ITN News'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශයට පත් ශ්‍රී ලංකාවේ පාලම් ප්‍රතිසංස්කරණයට චීනය සමග ගිවිසුමක්

අද දෙරණ'දිට්වා' නිසා විනාශ වූ මෙරට පාලම් ප්‍රතිසංස්කරණයට චීනය සමඟ ගිවිසුමක්

More on Wei Huaxiang
Other stories that mention them, newest first.
- Oct 26, 2026Chinese Ambassador meets Minister to boost Cultural ties2 sources
- Oct 23, 2026Chinese Ambassador meets family of Rubber-Rice Pact Signatory2 sources
- Sep 30, 2026Health Minister meets Chinese Ambassador2 sources
- Sep 25, 2026China, Sri Lanka mark 77th PRC anniversary3 sources
- Sep 17, 2026China supports digital Education in Sri Lanka2 sources
- Sep 16, 2026New Chinese Ambassador meets ex-President3 sources