ලෝක කුසලාන ක්‍රිකට් සංවිධානය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් - ජනාධිපති ලේකම්වරයා අතර සාකච්ඡාවක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වය සහිතව පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් 2026 තරගාවිය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සහ ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේදී ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී පැවැත්විණ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීට නියමිත තරග [...]
