කොළඹ කොටස් අද පල්ලමේ..
අද (27) දින ගනුදෙනු අවසන් කරන විට කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන දර්ශක දෙකෙහිම පහත වැටීමක් වාර්තා විය. කෙසේ වෙතත්, දෛනික ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 7 සීමාව ඉක්මවා යමින් ඉහළ මට්ටමක පැවතීම විශේෂත්වයකි.අද දින ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 23,734.06 ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 47.17 ක (0.20%) අඩුවීමකි. වඩාත් කැපී පෙනෙන පහළ යාමක් ප්‍රමුඛ පෙළේ සමාගම් නියෝජන
