පොසොන් පොහොය අපට සිහිපත් කරන්නේ සැදැහැ සංවර්ධනය ආරම්භ වන්නේ මිනිසාගේ සිත තුළින් බවත් කරුණාව, දයාව, සමානාත්මතාව, විනය සහ වගකීම වැනි උතුම් බෞද්ධ වටිනාකම් සමාජයේ පදනම බවට පත් කළ හැකි නම්, සාමකාමී, සාධාරණ සහ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම පහසු වනු ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
ශ්‍රී සම්බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත කළ මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ධර්ම දූත මෙහෙවර සිහිපත් කරමින් සැමරෙන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය ආධ්‍යාත්මික අවබෝධය, ප්‍රඥාව සහ සමාජ සමානාත්මතාව අපට සිහිපත් කරන ඉතා පුණ්‍යවන්ත දිනයකි. පොසොන් පොහොය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ආගමික සිදුවීමක් පමණක් නොව, ජාතික චින්තනය, සංස්කෘතිය සහ සදාචාරාත්මක ජීවන රටාව පරිවර්තනය කළ ඓතිහාසික සංධිස්ථානයකි.
Summarised from News.lk
People- මිහිඳු මහ රහතන් වහන්සේ2
- Harini Amarasuriya2
Keywords- සෞභාග්‍යමත්2
- පොසොන්2
- අගමැතිනියගේ
- සමානාත්මතාව
- අග්‍රාමාතය
- පුණ්‍යවන්ත
- වටිනාකම්
- ගොඩනඟමු
- පණිවුඩය
- ලංකාවක්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage