උඩරට දුම්රිය ධාවනයට NBRO අනුමැතිය ලැබී නෑ..
'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නිසි අවසරයකින් හෝ නිර්දේශයකින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එහි ධාවන කටයුතු ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරයි. 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි හානි හේතුවෙන් මාස 10 කට ආසන්න කාලයක් වසා දමා තිබූ කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ
