6 sourcesTrending
බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි
ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය 08 වැනිදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි, බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ මූලික සාකච්ඡාව ඊයේ දින (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
