2 sources
ප්‍රදේශ කිහිපයකට හෙට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්
- උතුරු, නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (05) සිට අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ, ශ්‍රී ලංකාවට පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන්ය.මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොණරාගල දිස්ත්‍රික්ක වල සුළං වේගය, පැයට කිලෝමීටර 50ක් පමණ දක්වා ඉහළ යා හැකිය.අකුණු අනතුරු වලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.
