වර්ධනය විය හැකි පීඩන අවපාතයත් සමඟ හෙට දිනයේ කාලගුණය ගැන දැනුම්දීමක්
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ අංශ දැනුම් දෙනවා. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ලගාවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මෙම පද්ධතියේ බලපෑම් හේතුවෙන් අනිද්දා (08) සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, [...]
