2 sources
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් අද විනාශ කෙරේ
- පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයක්, පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්තේ ස්ථාපිත උඳුනේ දමා දහනය කර විනාශ කිරීම, අද (13) සිදු වේ.ඒ, කොළඹ මහාධිකරණයේ විභාග වූ ඊට අදාළ නඩු කටයුතු අවසන් වීමෙන් අනතුරුවය.හෙරොයින් කිලෝග්‍රෑම් 40 යි ග්‍රෑම් 533 ක්, කැතීන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132 යි ග්‍රෑම් 79 ක්, කොකේන් ග්‍රෑම් 55 ක් සහ මත්පෙති 3482 ක්, එහිදී විනාශ කෙරෙනු ඇත.එම තොගය, අද උදෑසන කොළඹ මහාධිකරණ සංකීර්ණයේ සිට පුත්තලම වනාතවිල්ලුව බලා රැගෙන යාමට නියමිතය.
-612097.jpg)