ලාංකිකයින් ඇතුළු 18ක් ඉරාන බලධාරීන් රඳවා ගනී
- ඕමාන් බොක්කේදී අත්අඩංගුවට ගත් නෞකාවක සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකු ඉරාන බලධාරීන් රඳවා ගෙන තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලාංකිකයින්ට අමතරව, ඉන්දීය සහ බංග්ලාදේශ සාමාජිකයින් ද කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර වන බවයි.නැවතුම් නියෝග නොසලකා හැරීම, පළා යාමට උත්සාහ කිරීම සහ නාවික භාණ්ඩ ප්‍රවාහන ලියකියවිලි නොමැති වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නෞකාව ඉරාන ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.එහි පැවති නීතිවිරෝධී ඉන්ධන ප්‍රමාණය, ලීටර මිලියන 6කි.අදාළ නෞකාව සම්බන්ධයෙන් මෙතෙක් වැඩිදුර තොරතුරු වාර්තා කර නොමැත.
-605915.jpg)