ශ්‍රී ලංකාවේ ආයෝජන අභියෝගාත්මකයි.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්..- ඇමෙරිකාවෙන් වාර්තාවක්
ශ්‍රී ලංකාව 2022 වසරේ පැවති ආර්ථික අර්බුදයෙන් ක්‍රමිකව යථා තත්ත්වයට පත්වෙමින් පැවතුණද, මෙරට පවතින අනපේක්ෂිත නියාමන ප්‍රතිපත්ති, නිලධාරිවාදී බාධා සහ ව්‍යාපෘති අවලංගු කිරීම් හේතුවෙන් ආයෝජන වාතාවරණය තවදුරටත් දැඩි අභියෝගාත්මක මට්ටමක පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2026 Sri Lanka Investment Climate Statement මඟින් මේ
