Mobile Phones, Routers ඇතුළු විදුලි සංදේශ උපකරණ නිෂ්කාශනයට නව Online පද්ධතියක්
මෙරටට ආනයනය කරනු ලබන Mobile Phones, Routers සහ IoT Devices ඇතුළු විදුලි සංදේශ උපකරණ සඳහා රේගු නිෂ්කාශන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, පහසු හා විධිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ස්වයංක්‍රීය Online වේදිකාවක් ඔස්සේ ක්‍රියාත්මක වන උපකරණ නිෂ්කාශන පද්ධතියක් (ECS) හඳුන්වා දීමට කටයුතු කර ඇති බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මුදිත ගුණසිංහ මහතා පවසයි.
