නැඳුන්ගමුවේ රාජා 11 වනදා සිට මහජන ප්‍රදර්ශනයට
දළඳා වහන්සේ වැඩමකරවූ නැඳුන්ගමුවේ රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන 11 වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව එළඹෙන 11 වනදා සිට කොළඹ කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දී ප්‍රතිනිර්මාණය කරන ලද මෙම හස්තියාගේ රුව නැරඹීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි සඳහන් කළේ. එමෙන්ම චර්ම ශිල්පී ක්‍රමවේදය [...]
