සිය ටෘත් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කළේ, වෙනිසුවෙලාව ඉලක්ක කර එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවකින් අනතුරුව ජනාධිපතිවරයා සහ බිරිඳ සිය භාරයට ගත් බවයි.අනතුරුව ඔවුන් රටින් පිටුවහල් කළ බව ද, අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.වෙනිසියුලාවේ කැරකාස් අගනුවර ඉලක්ක කර, එරට වේලාවෙන් අද(03) උදෑසන අමෙරිකාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේ ය.ඒ සමගම, වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණ අතර ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් වෙනිසියුලා ජනාධිපතිවරයා සදහන් කළේ, සිය රටේ තෙල් සහ ඛනිජ සම්පත් අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් අමෙරිකාව ප්‍රහාර එල්ල කරන බවයි.වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු වේලාවෙන් පෙරවරු 11ට මාධ්‍ය හමුවක් කැඳවා නිල ප්‍රකාශයක් කරන බව ද, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ය.
වෙනිසියුලාවේ කරකස් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇමරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති බවත්, ඒ හේතුවෙන් රට තුළ හදිසි නීතිය පැනවීමට ජනාධිපති නිකොලස් මදුරෝ පියවර ගෙන ඇති බවත් විදේශ අමාත්‍ය අයිවන් ගිල් ප්‍රකාශ කර සිටී. කරකස් අගනුවර මෙන්ම මිරැන්ඩා , අරගුවා සහ ලා ගුවයිරා යන ප්‍රාන්තවල යුධමය සහ සිවිල් ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා කරයි.
Summarised from Lanka C News
People- ඩොනල්ඩ් ට්‍රම්ප්3
- ඇමරිකානු ජනාධිපති
- ල්ඩ් ට් රම්ප්
- ට්‍රම්ප්ගෙන්
- ඇමරිකානු
Places- කැරකා3
- United States2
- ඇමෙරිකන්2
- ලා කාලෝටා
- ලා ගුවයි
- නාඩු
- අමෙ
- අර
Keywords- ප්‍රහාර3
- අගනුවර3
- වෙනිසියුලාවට2
- වෙනිසියුලාවේ2
- පිපිරීම්2
- ජනාධිපතිවරයා
- වෙනිසියුලානු
- ඇමරිකාවෙන්
- මර්මස්ථාන
- කැරකස්හි
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage