ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ අවුරුදු 17න් පහළ කණ්ඩායම අද (29 දා) පස්වරුවේදී සමත් විය. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 298ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ගාල්ල [...]
