Gamma Interpharm කාම්බෝජයට ඖෂධ අපනයනය අරඹමින් ශ්‍රී ලංකාවේ ඖෂධ අපනයන ක්ෂේත්‍රයට නව වෙළෙඳපොළක් විවර කරයි
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ කාම්බෝජයට අපනයනය කිරීම අරඹමින් Gamma Interpharm (Pvt) Ltd සිය දශක හයක ව්‍යාපාර ගමන් මඟේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම පියවර ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයට කළාපීය වෙළෙඳපොළ තුළ සිය පැවැත්ම තව දුරටත් ශක්තිමත් කර ගැනීමට වැදගත් අවස්ථාවකි. Gamma Interpharm විසින් කාම්බෝජය වෙත ප්‍රථම ඖෂධ තොගය අපනයනය කරනු ලැබීම 2026 අගෝස්තු...
