රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා - අග්‍රාමාත්‍ය
රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය කිරීමටත්, වසර ගණනාවක් පුරා පවතින වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දීමටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
