Skip to content
LakFeed
ENසිංதமி

Display

Text size

Contrast

LakFeed Apps

News
FX Rates
Gold Rates
Card Offers
Tools
StocksSoon
LakFeedBeta
News
Markets

FX Rates

  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home

Gold Rates

  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
Colombo Stock ExchangeSoon
Card OffersTools
ENසිංதமி

Display

Text size

Contrast

LakFeed Apps

News
FX Rates
Gold Rates
Card Offers
Tools
StocksSoon
HomeTrendingLatestLocalPoliticsInternationalBusinessSportsScience & TechGossipsEntertainmentEducation
Sources

News Sources (26 available)

Ada Derana
Ada Derana Biz
Asian Mirror
Ceylon Today
Citizen News
Colombo Gazette
Colombo Telegraph
Daily FT
Daily Mirror
EconomyNext
ESPN Cricinfo
Examiner
Gossip Lanka News English
Groundviews
Hiru News - English
Lanka Business Online
Lanka Truth
News First
News.lk
NewsWire English
Siyatha News
Sri Lanka Cricket
Sri Lanka Mirror
Sunday Observer
The Island
ThePapare English
LakFeed

Sri Lanka, all in one place.

LakFeed reads Sri Lankan news sites in English, Sinhala and Tamil, and keeps bank exchange rates and gold prices in the same place.

Everything on LakFeed

News

  • News
  • Latest
  • Trending
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Gossips
  • Entertainment
  • All topics

Exchange rates

  • FX Rates
  • Best rates
  • All banks
  • Send money
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • All currencies

Gold and stocks

  • Gold Rates
  • 22K gold
  • 24K gold
  • Gold by weight
  • Gold price history
  • Gold pawning
  • StocksSoon

Card offers

  • Card Offers
  • Visa offers
  • Mastercard offers
  • Amex offers
  • Expired offers

Tools

  • Tools
  • Currency converter
  • Gold pawning
  • EPF and ETF
  • Fuel cost

Newsrooms

  • Ada Derana
  • Ada Derana Biz
  • Asian Mirror
  • Ceylon Today
  • Citizen News
  • Colombo Gazette
  • Colombo Telegraph
  • Daily FT
  • All newsrooms

LakFeed

  • Help
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Terms of Service
  • DMCA
  • Sitemap

© 2026 LakFeed. All rights reserved.

Back to stories
5 sourcesJun 24, 2026

ගෝඨාභය ගොනු කළ පෙත්සම සලකා බැලීම යළි කල් දැමේ.

පෙත්සම ගොනු කර ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලමින්ය.පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සළකා බැලුනි.පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා දෙවන දිනටත් කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා පාස්කු විමර්ශනයට අදාළව කිසිදු විමර්ශනයක් සඳහා කැඳවා නොමැති බවයි.එවැනි පසුබිමක සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකරුවන් උත්සාහ කරන බව ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.ඔහු පැවසුවේ, ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින අසාද් මවුලානා නමැති පුද්ගලයෙකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශන සිදුවන බවයි.එම පුද්ගලයාගේ ප්‍රකාශය මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සිදු කළ නොහැක්කක් බවද ඔහු පැවසුවේය.අසාද් මවුලානා නැමැති පුද්ගලයා ලංකාවේ අධිකරණ පද්ධතිය ද විවේචනය කරමින් ප්‍රකාශ සිදු කර තිබෙන බව පැවසූ ජනාධිපති නීතීඥ රොමේෂ ද සිල්වා කියා සිටියේ එවන් පුද්ගලයකුගේ ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම පදනම් විරහිත අත්තනෝමතික ක්‍රියාවක් බවයි.නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන ලේඛන සමග සිය සේවාදායකයා යම් යම් පුද්ගලයින් සමග ගත් ඡායාරූප පිටපත් කිහිපයක්ද ඇතැයි පැවසූ ජනාධිති නීතිඥවරයා දේශපාලඥයින් මුණගැසීමට විවිධ පුද්ගලයන් පැමිණෙන බවත් එම ඡායාරූප පදනම් කර ගනිමින් සිය සේවාදායකයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රකාශ කළ නොහැකි බවට තර්ක කළේය.පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් සමග ගෝඨාභය රාජපක්ෂ ගත් ඡායාරූප 2ක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් රොමේෂ් ද සිල්වා පැවසුවේ, ඒවා දේශපාලන කටයුතු අතරතුර ලබාගත් ඒවා බවයි.එම ඡායාරූප නීතිපති දෙපාර්තමේන්තුව විසින් ද්වේෂ සහගතව ඉදිරිපත් කර ඇතැයි ඔහු පෙන්වා දුන්නා.මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු පිරිසක් ඝාතනය කිරීම රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතාව මත නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් සිදු කළ බවට අසාද් මවුලානාගේ ප්‍රකාශයේ සඳහන් බව කියා සිටි ජනාධිපති නිතීඥවරයා අසාද් මවුලානා, අය පිල්ලේයාන්ගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කර තිබෙන බවද අධිකරණය හමුවේ පැවසුවේය.ජනාධිපති නිතීඥවරයා කියා සිටියේ, එවැනි සැක සහිත කරුණු ඉදිරිපත් කරන පුද්ගලයෙකුගේ ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම ප්‍රශ්න සහගත බවයි.

News First - සිංහල•Jun 24, 2026
By News 1st
Read full article

Summary

ඔහු පැවසුවේ, ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින අසාද් මවුලානා නමැති පුද්ගලයෙකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශන සිදුවන බවයි. එම පුද්ගලයාගේ ප්‍රකාශය මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සිදු කළ නොහැක්කක් බවද ඔහු පැවසුවේය.

Summarised from News First - සිංහල

What this story is about

People
  • Gotabaya Rajapaksa8
  • රොහාන්ත අබේසූරිය4
  • සරත් දිසානායක3
  • රොමේෂ් ද සිල්වා2
  • න්ත අබේසූරිය2
  • ේෂ් ද සිල්වා2
  • රිහි2
  • ල් සුහර්ශී හේරත්
Organisations
  • කොළඹ කොටුව මහේස්ත් රාත් අධිකරණය2
  • කොළඹ කොටුව මහේස්ත් රාත්
  • එෆ්.බී
Places
  • United States
Keywords
  • ගෝඨාභයගේ6
  • පෙත්සම6
  • බැලීම6
  • සලකා6
  • වැඩිදුර4
  • කරුණු4
  • හිටපු3
  • රිට්3
  • වළක්වාලන2
  • දිනටත්2

Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.

Share this story

Send the whole picture, not one version of it.

Also reported by

5 newsrooms have reported this story

  • ගෝඨාභයගේ රිට් පෙත්සම: අධිකරණයේදී අද හෙළිවූ අලුත් කරුණු මොනවා ද?BBC News සිංහල·Jun 24, 2026
  • ගෝඨාභයගේ පෙත්සම වැඩිදුර සලකා බැලීම ජූලි 06ට කල් යයිDasatha Lanka News·Jun 24, 2026
  • ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම යළිත් ජූලි 06 වැනිදාHiru News - Sinhala·Jun 24, 2026
  • ගෝඨාභයගේ පෙත්සම දෙවන දිනටත් විභාග කිරීම ඇරඹෙයිඅද දෙරණ·Jun 24, 2026
  • හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අදHiru News - Sinhala·Jun 24, 2026
  • හිටපු ජනපති ගෝඨාභගේ පෙත්සම සම්බන්ධ වැඩිදුර කරුණු සලකා බැලීම අදDasatha Lanka News·Jun 24, 2026
Show 1 more
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අදඅද දෙරණ·Jun 24, 2026
Full coverage